අධි රුධිර පීඩනය

** අධි රුධිර පීඩනය, කලාතුරකින් පෙනෙන ලක්ෂණ ඇත. නමුත් ප්‍රතිකාර නොලදහොත්, හෘදයාබාධ සහ ආඝාත වැනි බරපතල ගැටළු ඇතිවීමේ අවදානම වැඩි කරයි. ඔබගේ රුධිර පීඩනය ඉහලද යන්න දැන ගැනීමට ඔබට ඇති එකම මාර්ගය වනුයේ රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීමය.

අධි රුධිර පීඩනය යනු කුමක්ද?

රුධිර පීඩනය සංඛ්යා දෙකකින් වාර්තා වේ. සිස්ටෝලික පීඩනය යනු(ඉහල අගය)හර්දය වස්තුව රුධිරය ඔබගේ ශරීරය පුරා තල්ලු කිරීමේදී ඇතිකරන පීඩන බලයයි. රුධිර නාලවල රුධිර ප්රවාහයට ප්රතිරෝධය දක්වන ප්රතිවිරුද්ධ පීඩනය (අඩු අංකය) වේ. මේ දෙකම මනිනු ලබන්නේ රසදිය මිලි මීටර් (mmHg) වලිනි. සාමාන්‍ය මාර්ගෝපදේශයක් ලෙස:

  • අධික රුධිර පීඩනය 140 / 90mmHg හෝ ඊට වඩා ඉහළ අගයකි
  • නිවැරදි රුධිර පීඩනය 90/60 සහ 120/80 mmhg අතරවේ.
  • අඩු රුධිර පීඩනය 90 / 60mmHg හෝ ඊට පහළින් සැලකේ

ඔබගේ රුධිර පීඩන කියවීම 120/80mmhg සහ 140/90mmhg නම්, ඔබ ඔබගේ රුධිර පීඩනය පාලනය කිරීමට පියවර නොගතහොත් ඔබට අධි රුධිර පීඩනය ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැක.

අධි රුධිර පීඩනය නිසා ඇතිවන බලපෑම්

ඔබගේ රුධිර පීඩනය ඉතාම අධික නම් එය ඔබගේ රුධිර නාල, හදවත සහ අනෙකුත් අවයව වන මොලය,වකුගඩු සහ ඇස් වලට අතිරේක පීඩනයක් ඇතිකරයි. දිඟු කාලීනව පවතින අධි රුධිර පීඩනය, බරපතල හා ජීවිතයට තර්ජනයක් විය හැකි තත්වයන් ගණනාවක් වැඩි කර ගැනීමේ අවදානමක් ඇති විය හැකිය:

ඔබ අධි රුධිර පීඩනය ඇත්නම්, එය කුඩා ප්‍රමාණයක් අඩු කිරීමෙන් ඔබට මෙම තත්ත්වයන් ගේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.

ඔබගේ රුධිර පීඩනය පරීක්ෂා කරන්න

ඔබට අධි රුධිර පීඩනය ඇතිද යන්න දැන ගැනීමට ඇති එකම ක්‍රමය වනුයේ ඔබගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමය. අවුරුදු 40 ඉක්මවූ සියලුම වැඩිහිටියන්ට අවම වශයෙන් සෑම අවුරුදු 5 කට වරක් වත් රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මෙය සිදු කර ගැනීම පහසු වන අතර ඔබේ ජීවිතය බේරා ගත හැකිවනු ඇත. ඔබගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීම ස්ථාන ගණනාවකදී සිදු කළ හැකිය:

  • ඔබගේ වෛද්‍ය මද්‍යස්ථානයේ
  • ඇතැම් ඖෂධහල් වලින්
  • ඇතැම් සේවා ස්ථාන වල

නිවසේදී ඔබට රුධිර පීඩන මොනිටරය භාවිතයෙන් ද ඔබගේ රුධිර පීඩනය පරීක්ෂා කර ගත හැක.

අධි රුධිර පීඩනයට හේතු

අධි රුධිර පීඩනයට හේතු සෑම විටම පැහැදිලි නැත. නමුත් සමහර දේවල් ඔබේ අවධානම වැඩි කළ හැකිය. ඔබ අධි රුධිර පීඩනය වැඩි වීමේ අවදානමකට ලක් වී සිටියි: ඔබ:

  • වයස අවුරුදු 65 ට වැඩි
  • අධිබර හෝ තරබාරු
  • අප්රිකානු හෝ කැරිබියන් සම්භවයක් ඇති
  • අධි රුධිර පීඩනය සහිත ඥාතියෙකු සිටීම
  • වැඩිපුර ලුණු අනුභව කරණ, පලතුරු හා එළවළු අනුභව නොකරණ
  • ප්‍රමාණවත් ව්‍යායාම නොකරණ
  • අධික මත්පැන් හෝ කෝපි (හෝ වෙනත් කැෆේන් ආශ්‍රිත බීම වර්ග) පාවිච්චි කිරීම
  • දුම් පානය
  • අඩු නින්ද සහ භාධා සහිත නින්ධ.

සෞඛ්ය සම්පන්න ජීවන රටාව වෙනස් කිරීම, අධි රුධිර පීඩනය ඇති වීමේ අවස්ථාව අඩු කර ගැනීමට උදව්වන අතර එය දැනටමත් ඉහළ මට්ටමක පවතී නම් රුධිර පීඩනය අඩු කිරීමට උදව් වේ.

ඔබේ රුධිර පීඩනය අඩු කර ගන්න

පහත දැක්වෙන ජීවන රටාවේ වෙනස් වීම්, රුධිර පීඩනය වැලැක්වීමට සහ අඩු කිරීමට උපකාර විය හැක:

  • ඔබ භාවිතා කරන ලුණු ප්‍රමාණය අඩු කර සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න
  • ඔබ ඕනෑවට වඩා මත්පැන් පානය කරන්නේ නම් එය අඩු කරන්න
  • ඔබගේ බර වැඩි නම් බර අඩු කර ගන්න
  • නිතිපතා ව්‍යායාම් කරන්න
  • කැෆේන් අඩු කරන්න
  • දුම්පානය නතර කරන්න
  • රාත්‍රියකට අවම වශයෙන් පැය 6ක වත් නින්දක් ලබා ගන්න.

අධි රුධිර පීඩනය ඇති සමහර අයට අධි රුධිර පීඩනය ඇතිවීම වැළැක්වීම සඳහා ඖෂධ එකක් හෝ වැඩි ගණනක් අවශ්‍ය වේ.

අධි රුධිර පීඩනය සඳහා ඖෂධ

ඔබට අධි රුධිර පීඩනය ඇති බව හඳුනාගෙන ඇත්නම්, එය පාලනය කර ගැනීම සඳහා ඖෂධ එකක් හෝ වැඩි ප්‍රමාණයක් ගැනීම සඳහා වෛද්‍යවරයා නිර්දේශ කළ හැකිය. මේවා සාමාන්‍යයෙන් දිනකට වරක් ගත යුතුය. පොදු රුධිර පීඩන ඖෂධ ඇතුළත් වේ:

  • ACE ක්‍රියාකාරිත්වය වලක්වන ඖෂධ -එනලප්‍රිල් (Enalapril), ලිසිනොප්‍රිල් (Lisinopril), පෙරින්ඩොප්‍රිල් (Perindopril), සහ රැමිප්‍රිල් (Ramipril) වැනි
  • ARBs –කැන්ඩසාර්ටන් ( candesartan), ඉර්බෙසාටන් (irbesartan), ලොසාර්ටන් (losartan), වැල්සාර්ටන් (valsartan) සහ ඔල්මෙසාර්ටන් (olmesartan) වැනි
  • කැල්සියම් චැනල් බ්ලොකර්ස් (calcium channel blockers)– ඇම්ලොඩිපින් (amlodipine), ෆෙලොඩිෆින් (Felodipine) සහ නිෆැඩිපින් (Nifedipine) හෝ ඩිල්ටියසම් (Diltiazem) සහ වෙරපමිල් (Verapamil) වැනි.
  • මුත්‍රා පිට කිරීම වැඩි කරවන ඖෂධ– ඉන්ඩපමයිඩ් (Indapamide) සහ බෙන්ඩ්‍රෝෆ්ලුමෙතියසයිඩ් (Bendroflumethiazide) වැනි
  • බීටා බ්ලොකර්ස් (Beta-blocker)– ඇටෙනෝලොල් (Atenolol) සහ බිසෝප්‍රෝලොල් (Bisoprolol) වැනි
  • ඇල්ෆා බ්ලොකර්ස් (Alpha-blocker) –ඩොක්සාසොසින් (Doxazosin) වැනි
  • රෙනින් වලක්වන ඖෂධ (renin inhibitors) – ඇලිස්කයිරින් (aliskiren) වැනි
  • අනෙක් මුත්‍රා පිට කිරීම වැඩි කරවන ඖෂධ – ඇමිලොරයිඩ් (Amiloride) සහ ස්පයිරෝනෝලැක්ටොන් (Spironolactone) වැනි

ඔබ සඳහා නිර්දේශිත ඖෂධ ඔබගේ රුධිර පීඩනය සහ ඔබේ වයස වැනි දේ මත රඳා පවතී.